Friday, February 17, 2012

slt සහ නව පැකේජ --------





                                      



 හැමදෙනාටම මතු වී ඇති ගැටලුවක් තමයි මේ දවස් වල මේ slt පැකේජ හුවමාරැව ගැන-
 ඒ පිළිබද යම් කිසි අදහසක් ඔබට ලබා දීමට තමයි මේක ලියන්න හිතුවේ--------------------------

1.කොටස

හැම දෙනාගාව තියෙන්නේ එක්කෝ රැ 500 පැකේජ් එක නැත්නම් අන්ලිමිටි 512 රැ 1600 පැකේජ් එකනේ-------
අනික් ඒවා මම හිතන්නේ අපි වගේ පොඩ් කස්ටියට දරා ගත හැකි මුදලකට නොමැති බැවින් ඒවා වැඩිය නැතැයි උපකල්පනය කරමි-------------


***** රැ 500 පැකේජය නැත්නම් Entree පැකේජය

^^^මුලින් මේ පැකේජය සදහා අපට ලබා දුන් නිදහස් වෙබ් අවකාශය 1.5 ගිගා බයිට් ප්‍රමාණයකි--ඒ වගේම බාගත කිරීමේ වේගය 1මේගාබිට් වේගයක් ලබා දුනි--ඒ වගේම මේ පැකේජයේ විශේෂත්වයක් වන්නේ කවදාවත් මේ පැකේජ් එකේ ස්පිඩි එක අඩු නොවීමයි---හැමදාම ඕනෑම වේලාවක 1මෙගාබිට් ස්පිඩි එකක් ලැබේ----------
මොකද මෙය ලිමිටඩ් පැකේජයක් නිසාවෙනි------------------------
ඒ වගේම මෙහි 1.5 පසු වු පසු මෙගාබයිට් එකකට ශත35ක් අයකෙරැනි----------------------------


$$$මේ පැකේජයේ අලුත් මුහුණුවර -නම තිබ්බ නමයි----ගාන රැ499 කි-----------------------



^^^නිදහස් වෙබ් අවකාශය 2.5ගිගාබයිට්  --එය කොටස් දෙකකින් යුක්තය----------
1.උදෑසන 6 සිට රැ 12 දක්වා පාවිච්චියට 1.5 ගිගාබයිට් ප්‍රමාණයක්ද
2.රැ12 සිට උදෑසන 6 දක්වා පාවිච්චි කිරිමට 1 ගිගාබයිට් ප්‍රමාණයක් ලබා දී ඇත--

^^^^බාගත කිරිමේ වේගය 2මෙගාබ්ට් ප්‍රමාණයට වැඩි කර ඇත--ඒක් ඒ ප්‍රමාණයට වඩා වේගයක් ලැබේ--සාමාන්‍යෙයන් IDM වලින් 300kbps ප්‍රමාණයට වඩා බාගත වෙයි---මම පරීක්ෂා කර බැලුවෙමි-----

ඒ වගේම නිදහස් වෙබ් අවකාශය ඉක්මවා යන සෑම මෙගාබයිට් එකකට ශත 25 අයවේ ---

ඇත්තටම පරණ පැකේජයට වඩා මෙය අතිශය වාසි දායකය --ඒ නිසා ඔබ මාරැ කලත් නැතත් මෙයට ස්වයංක්‍රියව ඔබේ පැකේජය මාරැ වේ-------------------------------------------------------------------------------


******රැ 1600 පැකේජය නැත්නම් HOME __________________________________

^^^කාලයට ඉහතදී ටෙලිකොම් විසින් හදුන්වා දුන් මේ පැකේජය මාස 6කට ඉහතදී නතර කරන ලදි ඒ මන්ද මෙය අන්ලිම්ටඩ් කනෙක්ෂන් එකක් නිසාවෙනි-----------------
මෙහි බාගත කිරීමේ වේගය 512 කිලෝබිට් ප්‍රමාණයක් ලැබුනි----නමුත් මෙය කොච්චර බාගත කරත් වේගය අඩු වීම් හො වැඩිවිම් නොමැත ඔබට අවශ්‍ය තරමට බාගත කිරීමට හැකිය---

නමුත් ගිය මාසයේදී මේ පැකේජය පාවිච්චි කරත් ස්පිඩි නම් අඩු කරනු ලැබුනි මන්ද 2012 හදුන්වා දුන් අලුත් පැකේජ වලය ඔබ රවටා ගැනීම පිණිසය-----------------------------------------------------------------------------
නැතහොත් පරණ පාරිභෝගිකයන්ගේ පැකේජ වල ස්පීඩ් අඩු කිරීමට ටෙලිකොම් වලට කිසිදු අයිතියක නොමැත--


$$$ රැ1490 අලුත් නම වෙබ් ෆැමිලි ---------------------------

නිදහස් වෙබ් අවකාශය ගිගා බයිට් 25කි මේවා කොටස් දෙකකට යුක්තය
1.උදෑසන 6 සිට රැ 12 දක්වා පාවිච්චියට 20 ගිගාබයිට් ප්‍රමාණයක්ද
2.රැ12 සිට උදෑසන 6 දක්වා පාවිච්චි කිරිමට 5 ගිගාබයිට් ප්‍රමාණයක් ලබා දී ඇත--

ඒ වගේම මෙහි බාගත කිරීමේ වේගය 2මෙගාබිට් ප්‍රමාණයේ සිට 8මෙගාබිට් ප්‍රමාණයක් අතර වේගයක් ලැබේ ----

මම මගේ කනෙක්ෂන් එකේ පරික්ෂා කරන ලදි ස්පීඩ් එක 6.5මෙගාබිට් ප්‍රමාණයක් ලැබේ --
IDM-600kbps පන්නා යයි-------------------

ඒවගේම 25වේබ් අවකාශය ඉක්මවූ විට වෙගය 64 කිලෝබ්ට් වලට අඩුවේ ---ඒක නිකන් පිස්සු හැදෙන වේගයක්---

ඒ නිසා මම නම් කියන්නේ පරණ 512 පැකේජය කොහොමත් හොදයි---------
මේ පැකේජයේ 700 මෙගා බයිට් බාගත කීරීමට යන්නේ විනාඩි 15 වැනි සුලු වෙලාවකි---නමුත් ඒ වගේම මෙහි 25 ගිගාබයිට් ප්‍රමාණය ඉවර වීමට මහ වෙලාවක් යන්නෙත් නැත--අන්න ඒකත් මතක තියා ගන්න-----

&&සමහර ටෙලිකොම් අය කියනවා මේ පැකේජය 25 ගිගාබයිට් ලිමිට් කරලලු තියෙන්නේ --ඒ ගැන නම් මම මොනවත් දන්නේ නෑ ඒත මේකේ මොකක් හරි සම්යක් ප්‍රයෝගයක්  තියෙන බව නම් මට වැට හෙනවා----

ඊලගට තවත් දෙයක් කස්ටියට කියන්න ඕනි මේ පැකේජ වලට මේ ස්පීඩ් දෙනකොට පියෝ ටීවී කනෙක්ෂන් කොහොමද පවත්වාගෙන යන්නේ කියලා සමහර ටෙලිකොම් අය ප්‍රශ්න කරනවා--------------

ඒක ඇත්ත මට නම් හිතෙන්නේ මේ ස්පිඩ් එක ටික කාලයකට බවයි නමුත් මේ පැකේජයේ ලබාදෙන මිනිමම් ස්පීඩ් එක 2 මෙගාබිටි වත් ලැබෙයි කියා මම හිතනවා -----------------------------

$$$ඒ වගේම මෙහි ස්පිඩ් එක අඩු වුනාට පසුව නැවතත් අපට 1ගිගාබයිට් එකකට රැ250 ගෙවා මේ ස්පීඩ් එකම නැවත ලබා ගත හැකිය-----------------------------------------------------------------------------------

කල්පනා කරලා හොද තීරණයකට යන්න-----------

3.වෙබ් මේට් 1490 පැකේජය-----------------------------------------------

මෙම පැකේජයේ තිබුනේ 18 ගිගාබයිට් ප්‍රමාණයකි--ඒ වගේම ස්පීඩ් එක මෙම නිදහස් අවකාශය ඉක්ම වූ පසු ---වේගය 64 කිලෝබිට් ප්‍රමාණයට අඩුකරනු ලැබුනි

ඒ වගේම ලැබුනේ උපරිම වේගය 512කිලෝබිට් ප්‍රමාණයකි -------------------------------

ඒත් මේ පැකේජය තියන අයට අර පැකේජය මාරැ වීම වාසි දායකයි (වෙබ් ෆැමිලි වෙත) මන්ද එහි ඉහත දැක්වු වාසි ඇති නිසා-----------------------

එහෙනම් මම ගියා

0 comments:

Post a Comment